ඇන්ඩ්‍රොයිඩ් OS එක


ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හිදී ඇන්ඩි රුබින්, රිච් මයිනර්, නික් සියර්ස් හා ක්‍රිස් වයිට් විසින් ආරම්භ කරන ලද අතර මුල් අවදියේදී ඇන්ඩ්‍රොයිඩ් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගෙන ඇති අතර 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ සහිත ලැයිස්තුවක් ද ගූගල් විසින් පවත්වාගෙන යනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන apps විශාල සංඛාවක් වර්ථමානය වන විට බිහි වී ඇත. එබැවින්ම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වර්ථමානයේ ජංගම දුරකථන, ටැබ්ලට්, පරිඝණක වැනි උප කරණ දක්වාද දියුණු තත් වයකට පත්ව ඇත.

මුල් අවදියේ පටන්ම ඉතා වේගයෙන් සංස්කරණයන වෙමින් බිහිවූ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වර්ථමානය වන විට සංස්කරණයන රශියකට ලක් වී ඇත.

1.5 - ජංගම දුරකථන සදහා
1.6 - ජංගම දුරකථන සදහා
2.0 - ජංගම දුරකථන සදහා
2.1 - ජංගම දුරකථන සදහා
2.2 - ජංගම දුරකථන සදහා
2.3 - ජංගම දුරකථන සදහා
3.0 - ටැබ්ලට් පරිගණක සදහා
3.1 - ටැබ්ලට් පරිගණක සදහා
3.2 - ටැබ්ලට් පරිගණක සදහා
4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
4.1/4.2 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා




Mahesh Heshan

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih