ගූගල් ඉන්බොක්ස්


ජනප්‍රිය ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් පසුගියදා වෙනස්ම ආකාරයේ ඇප් එකක් හඳුන්වා දෙනු ලැබුවා. ජී මේල් ගිණුමට සම්බන්ධයක් නොමැති මෙය නම්කොට ඇත්තේ ගූගල් ඉන්බොක්ස් නමිනි. 
මෙම ඉන්බොක්ස් සේවාවට ඔබේ ජීමේල් ගිණුම ඔස්සේ සම්බන්ධ වී ඉතා පහසු, අලංකාර පරිශීලක මුහුණතක් මත ඊමේල් යැවීමටත්, කියවීමටත් පහසුකම් ලැබේ.
ගූගල් වැදගත් හා සමාන තොරතුරු සඳහා ඊ-තැපැල් ගිණුම පරීක්ෂණයට ලක්කර ඉතා පහසුවෙන් වර්ග කිරීමට (උදා, "සංචාරක" හෝ "යාවත්කාලීන") එසේම එය ගුවන් ගමන් තත්ත්වය යාවත්කාලීන කිරීම වැනි විශේෂ පහසුකම් රැසකින් මෙම ඉන්බොක්ස් සේවාව සමන්විතය. Reminders විශේෂාංගය ඔස්සේ ඔබට අවශ්‍යය දේවල් අවශ්‍යය වේලාවේ ඊමේල් ගිණුම තුලදීම මතක් කරදීමේ පහසුකම එක්කොට ඇත නමුත් මෙම ගූගල් ඉන්බොක්ස් සේවාව තවමත් ලබාදෙනුයේ Invitations මගින් පමණි. ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් කළ යුතුවේ. නමුත් Invitation ඉල්ලූ බොහෝ දෙනකුට Invite ලැබී නොමැති බවටයි දැනගන්න ලැබිල තියෙන්නේ. ඒ වගේම තමයි මෙම Invite අන්තර්ජාලය තුල අලවි වන ස්වරූපයක්ද දැකිය හැකිය ඇතැම් අය Invite අලවි කරනු ලබනව. මටත් මගේ යාළුවකුගෙන් Invite එකක් ලැබුන මට පුළුවන් උනොත් ඔයාල කීප දෙනකුට Invite දෙන්නම්.


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih