ගූගල් ක්‍රෝම් සිංහලෙන්


ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රව්සරයකි.එය පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ් කිට් ලේඅවුට් එන්ජිම යොදාගනී.මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙවුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි.එහි ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි.
StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.
2008 සැප්තැම්බරයේදී,ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ බොහෝ කේතය ක්‍රෝරෝමියෙම් නමින් නිදහස් කෙරිනි.
ගූගල් සමාගමේ එරික් ස්කිමිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය.ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි.
එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih